මව ගණිකාවක් කල දුවෙක්


කළුතර නගර මධ්‍යයේදී 15 හැවිරිදි දියණියක් තම 30 හැවිරිදි මව ගණිකාවක් යැයි කියමින් විලාපදීමේ සිද්ධියක් ඉකුත් 17දා දකුණු කළුතරින් වාර්තා විය. මේ ඉන්නේ ගණිකාවක්. මා පාරේ කොල්ලන්
ට විකුණන්න හදනවා යැයි බාල වයස්කාර දැරිය ඉකුත් 17 වනදා කළුතර නගරය දෙවනත් කරමින් විලාප දෙද්දී මව ඇයට පහර කීපයක් ගැසුවාය. මෙය දුටු අවට සිටි පිරිස මේ දෙදෙනාම පොලිසියට බාර දුන්හ. මව පොලීසියේදී හඬා වැටෙමින් කියා සිටියේ වෙනත් කතාවකි.
මම ගණිකාවක් නොවෙයි. මේ මගේ ලොකු දුව. අපි ඉන්නේ දකුණු පළාතේ. මීට බාල තව දරුවන් දෙදෙනකු සිටිනවා. මේ දුව තාම පාසල් යනවා.අපි හොරණ අම්මලාගේ ගෙදර යන්නට කෝච්චියෙන් කළුතරට ආවා. ඒ වෙනකොට දුව ඇගේ පෙම්වතාවද කළුතරට ගෙන්වාගෙන තිබුණා. ඇයට ඔහු සමග යාමට අවශ්‍ය වුණා. මා ඊට ඉඩ නුදුන් නිසා ඇය මා ගණිකාවක් කියමින් කෑ ගැසුවා. ඒ මම ඉන් අනතුරව මේ පිළිබඳව දකුණු කළුතර පොලීසියට පැමිණිල්ලක් ද කළාය. කළුතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක මල්කා තුෂාරි හා උප පොලිස් පරීක්ෂක පතිරණ මහත්මීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment