ඉන්දියානු ජනප්‍රිය ළමා නිලිය ගණිකා වෘත්තියේදි පොලීසියට මාට්ටු



ළමා නිළියක ලෙස බොලිවුඩ් සිනමාවට පිවිස පසුව සම්මානනීය නිළියක බවට පත්වූ ශ්වේතා බාසු (Shweta Basu) ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.


ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියට පිවිසි බව ය.

මූල්‍ය අගහිඟකම් පැවතීම නිසා සිය පවුලේ අවශ්‍යතා ඉටුකිරීම අසීරු වී පැවති අවස්ථාවක තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු බව ඇය පවසා තිබේ.


තමන් වැනි තවත් නිළියන් කිහිප දෙනෙකු ම මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියෙහි නිරතව සිටින බව ද ඇය හෙළි කර ඇත.

ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ඇය හින්දි, දෙමළ, තෙළිඟු, බෙංගාලි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.

















Share on Google Plus
    Blogger Comment
    Facebook Comment