මොහු පැවසූ පමණින් ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරයිද?


ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කලයුතු බව ජනප‍්‍රිය ගායක කසුන් කල්හාර විසින් පුවත්පතකට සම්මුඛ
සාකච්චාවක් ලබාදෙමින් ප‍්‍රකාශකොට තිබේ.

බොහෝ මිනිසුන් මේ කාරණය සම්බන්ධයෙන් පීඩනයෙන් සිටින බවත් එම පීඩනය පිට කිරීමට ඔවුන්ට වටපිටාවක් තිබිය යුතු බව කසුන් කල්හාර විසින් පවසා තිබේ.

විවාහ දිවිය පිලිබඳ කලකිරීමකින් කතාකොට ඇති කසුන් කල්හාර පවසා ඇත්තේ විවාහ නොවී සිටියානම් මීට වඩා සරලව සිටීමට හැකියාව ලැබෙන බවත් ගෑණු පනහක් හිටියත් විවාහ වන්නේ නම් නැති බවයි.


 කසුන් කල්හාර එම අදහස පලකල ආකාරය බලන්න පහතින්...

ගණිකා වෘත්තිය ලංකාවේ නීතිත කළොත්?

ගණිකා වෘත්තිය ලංකාවේ නීතිගත වෙන්න  ඕනෑ. කවුරු මොනවා කිව්වත් මම දන්නෑ මොනවාද ඒ කියන විකාර කියලා.

ලෝකේ තියෙන බොහෝ රටවල  ඕක නීතිගත කරලා තියෙන්නේ. මිනිහෙක්ට මේ තියෙන ලිංගිකත්වය ගැන තියෙන පීඩනය, අමු අමුවේ නිකන් පවක් වගේ එළියට දාන්නේ ඇයි කියලා හිතෙනවා.

මිනිස්සු ගොඩාක් වෙලාවට උදේ ඉදන් ? වෙනකන් කල්පනා කරන්නේ  ඕක සමහර විට. ඒ ඉඩ හදලා දුන්නම ඒ පීඩනයෙන් ඉන්න මිනිස්සු එතැනට ගිහින් තම අවශ්‍යතාව ඉටුකර ගනියිනේ.

 ඕක නිකන් අර ගොජ දදා තියෙන හැළිය වගේ නිවෙන්න නොදී තියෙන ඉන්න එක ගැන මම නම් තෘප්තිමත් නැහැ. ඒ නිදහස ඒ ඉඩ ලංකාවේ මිනිසුන්ටත් තියෙන්න  ඕනෑ.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment