වාරියපොල සිද්දිය තවම ඉවර නෑ.මෙන්න ආයෙත් පත්තු වෙලා


වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණයකුට ප්‍රසිද්ධියේ පහර දුන් බවට චෝදනා ලබා සිටින තිළිණි ඉමල්කා නමැති තරුණියට හිංසා කිරීමට තැත් කළ බව කියන තරුණයකු කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (05දා) අත්අඩංගුවට ගනු ලැබීය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්අත්තාපිටිය, මැල්කන්දේ පදිංචි තරුණයෙකි.


මෙම තරුණිය සිය මවද සමඟ කුරුණෑගල නගරයට පැමිණ ආපසු නිවෙස වෙත යෑම සඳහා කුරුණෑගල බස් නැවතුම්පොළේ නවතා තිබූ බස් රථයකට නැඟ සිටියදී මීට ඉහතදී එම තරුණියගෙන් පහර කෑමට ලක්වූ 'සෙල්වා' නමැති තරුණයා ඇතුළු තරුණයන් පස්දෙනකු එතැනින් ඇවිද ගොස් තිබේ. බසය තුළ සිටි තරුණිය හඳුනාගත් තරුණයන් පිරිස ඇයට උසුළු විසුළු කර ඇති අතර, එක් තරුණයකු බස් රථයේ කවුළුවකින් අත දමා තරුණියගේ අතක් ඉවතට ඇද ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පසුව තරුණිය විසින් ඒ පිළිබඳ දුරකතනයෙන් කරනු ලැබූ දැනුම් දීමකට අනුව එහි පැමිණි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් තරුණියට හිංසා කළ එක් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු තරුණයන් පිරිස එතැනින් පලා ගොස් තිබේ. අත්අඩංගුවට ගත් තරුණයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර කුරුණෑගල මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment