මසාජ් සෙන්ටර් එක වටලද්දී එහි කලමණාකාරියත් Room එකක සැප ගනිමින් ඉදල


ආයුර්වේද පංච කර්ම මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා එහි කළමණාකාරවරිය සහ සේවයේ නිරත වූ තරුණියක අනුරාධපුර මූලස්ථාන පොලීසියේ දුෂණ මර්දන අංශය සහ කොට්ඨාශ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ආයතනයේ කළමණාකාරිනිය ඉපලෝගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනෙක් සැකකාරිය බදුල්ල ප්‍රදේශයේ පදිංචි බව පොලීසිය සඳහන් කරයි. මෙම කාන්තාවන්ගේ වයස අවුරුදු 25ත් 30ත් අතර වන බව පොලීසිය පවසයි. අනුරාධපුර මූලස්ථාන පොලීසියට ලැබුණු පැමිණීල්ලක් මත පොලිස් උපාය දූතයෙකු යොදවා අනුරාධපුර ඩී.එස්. සේනානායක විද්‍යාලය ආසන්නයේ 3වන පියවර, සමාධි ක්‍රීඩාංගණය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයතනය වටලා තිබේ. අදාළ ආයතනය ආයුර්වේද පංච කර්ම මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබූවත් එහි කිසිදු ලියාපදිංචි බලපත්‍රයක් හෝ වෛද්‍යවරයෙකු සේවයේ නොසිටි බව වැටලීම සිදුකල පොලීසිය පවසයි. දහවල් කාලයට කාන්තාවන් විශාල පිරිසක් මෙම ස්ථානයේ ගණිකා වෘත්තියේ යෙදෙන බවත් කාන්තාවක් සමග පැය කිහිපයක් ගත කිරීමට රුපියල් 2000කට වැඩි මුදලක් අය කරන බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
ප්‍රදේශවාසීන්ට මෙම ස්ථානය මහත් හිසරදයක්ව තිබූ බවත් නිරන්තරයෙන් එම ස්ථානයට විවිධ තරාතිරම්වල පුද්ගලයන් කාන්තාවන් ඇසුරු කිරීම සඳහා පැමිණිම නිසා පොලීසියට අවස්ථා කිපයකදීම පැමිණිලි කර තිබීම නිසා පෙරේදා 03රාත්‍රියේ පොලිස් නිළධාරීන් විසින් උපාය දූතයෙකු යොදවා රුපියල් 2000ට කාන්තාවක් මිලදී ගත් අවස්ථාවේ වැටලීම සිදුකර සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලීසිය වැටලීම සිදුකරන විට අදාළ ආයතනයේ කළමණාකාරිනිය ලෙස කටයුතු කරන තැනැත්තිය යුධ හමුදා සෙබලෙකු සමග ඇසුරක් පවත්වමින් සිටි බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාරියන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අනුරාධපුර කොට්ඨාශ බාර ජ්‍යොෂ්ඨ පොලිස් අධීකාරී මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්ද්‍රසේකර, කොට්ඨාශ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එස්. කුමාරසිංහ යන නිළධාරීන් වැටලීම් සිදුකර තිබේ
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment