ජංගම දුරකථනයේ බ්ලූ තිබී කතක් දඩ කයි


පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය තුළ අසභ්‍ය රූප රාමු සහිත ජංගම දුරකතනයක් ළග තබාගැනීම හා අධිකරණ භූමිය තුළ අසභ්‍ය දසුන්
නැරඹීම යන චෝදනාවට වරදකරු වූ  කාන්තාවකට රුපියල් 2,500ක දඩයක් ගෙවන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා

නියම කළ බව  දැනගන්නට ලැබේ. මෙසේ දඩ නියම වූයේ පානදුර පින්වත්තේ පදිංචි කාන්තාවකටය.පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී දුරකතනයක් නාද වීම නිසා ඒ පිළිබද සොයා බැළීමේදී වෙනත් නඩු කටයුත්තකට පැමිණ සිටි කාන්තාවක සතුව තිබූ එම දුරකතනය පරික්ෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වූ බව අධිකරණ පොලිස් නිලධාරී පො. කො. විස්මන් මහතා මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වමින් කියා සිටියේය. අසභ්‍ය දර්ශන සහිත දුරකතන මෙමරි කාඩ්පත විනාශ කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අධීකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment