කන්‍යාභාවය දෙවියන්ට පූජකරන්න යැයි පවසා කෙල්ලන් රැවටූ හොර කට්ටඩියා වස බී මරුට


දෙවියන් වෙනුවෙන් කන්‍යභාවය පූජා කළ යුතු යයි කියමින් තරුණියන් දෙදෙනෙකු දූෂණයට ලක්කිරීම නිසා අත්අඩංගුවට පත් මාදම්පේ පම්බල ප‍්‍රදේශයේ දේවගැතිවරයා ඉරිදා උදෑසන හලාවත රෝහලේදී මියගියා. ඔහු අත්අඩංගුවට ගන්නට පොලිසියේ සූදානමක් ඇති බව දැනගෙන වස පානය කර තිබුණ අතර ඔහු අල්ලාගත්
පසු කටඋත්තරයක් හෝ ලබා නොගෙන රෝහල් ගත කරන්නට සිදුවුණා. පසුව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී විස ශරීරගතවීමේ හේතුව මත ඔහු මියගියා. එය සියදිවිනසාගැනීමක් ලෙස සටහන්ව ඇත.
මියගිය දේවගැතිවරයා වයස 29 ක්වූ චිත්තපලාගේ දොන් ධනුෂ්ක නීලකාන්ත ලෙස හ\ුනාගෙන ඇත.
මෙම දේවගැතිවරයා රෝහල්ගතව සිටි අතරතුර පොලිසිය සිදු කළ පරීක්ෂණ වලදී ඔහු විසින් සිදුකරන ලද අපයෝජන ගණනාවක
තොරතුරු හෙළිදරව්වී තිබුණා. 300 දෙනෙකු පමණ සහභාගීවන ඔහුගේ යාඥාවන් සඳහා වැඩි වශයෙන් පම්බල ප‍්‍රදේශයෙන් පිටත අය පැමිණෙන බව කියැවේ. ඒ නිසා ඔහුට පහසුවෙන් කාන්තාවන් රැුවටීමට හැකියාව ලැබී ඇති බවද කියැවේ. නිරන්තරයෙන්ම කාන්තාවන් හා සමීපව වැඩ කරන ඔහු විවිධ යාඥාවන්ට කියා කාන්තාවන් තනිව දේවස්ථානයට ගෙන්වාගෙන ඒ ඔස්සේ සමීපවී දූෂණයන් සිදු කර ඇත.
ඔහු නිසා ගැබ්ගෙන ගබ්සාවක් කරගත් කාන්තාවක කලලය ශීතකරණයක තබා සිට වළදමන්නට උත්සාහ කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට පොලිස් පරීක්ෂණයක්ද ක‍්‍රියාත්මක වෙමින් පවතී. ඔහු විවාහ වන්නට පොරොන්දුදී ඇති කාන්තාවන් ගණනද විශාලය. එක් කාන්තාවක සමග විවාහ ගිවිස


 ගැනීමෙන් පසු ඇගේ පියාගෙන් දෑවැද්ද වශයෙන් ලබාගත් මෝටර් රථය ඔහු මියයන කාලය දක්වාම පාවිච්චි කර ඇති අතර මේ අතරවාරයේ තවත් කාන්තාවකට විවාහ පොරොන්දු දී මුදල් ලබාගෙන ඇති බවද හෙළිව තිබෙනවා.
ඔහු විසින් දූෂණය කරන ලද බවට පැමිණිලි ලැබී ඇති කාන්තාවන් ගණන 10 කට ආසන්නය.
ලෙඩරෝග සඳහා යාඥාකරන බව කියා ඔහු නිවෙස් වලට යන සිරිතක්ද පවත්වා යන අතර මින් ටික කලකට පෙර ඔහු ඒ ආකාරයට ප‍්‍රතිකාර කරන ලද පුද්ගලයෙකු පසුව රෝහල්ගතකරන්නට පෙර මියගොස් තිබුණ බවද ප‍්‍රදේශවාසීන් විසින් හෙළි කර තිබෙනවා.
මෙම දේවගැතිවරයාට එරෙහිව සිත‍්‍රී දූෂණ චෝදනා පොලිසියට ලැබී ඇත්තේ මීට ටික කලකට ඉහතය. ඔහුව පොලිසිය සොයන බව ඉව වැටී ඔහු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇත්තේ මෝටර් බයිසිකලයකිනි. මාදම්පේ ඉහළගම පිහිටා ඇති බව කියන ඔහුගේ නිවසකට ඔහු නැවත සති දෙකකට පමණ පසු ඔහු එද්දී පොලිසියට ලැබුණ ඔත්තුව මත ඔහුව අල්ලන්ට පොලිසිය ගොස් තිබුණ අතර ඒ අවස්ථාවේ වහාම පැනයන්නට උත්සාහ කළ ඔහු පැනයද්දී ඉරට්ටකුලම ප‍්‍රදේශයේදී පොලිසිය විසින් ලූහුබැඳ අල්ලාගනු ලැබ ඇත.
ඔහු පළායන්නට පෙර බැංකුවලින් ලක්ෂ ගණනක මුදල් ලබාගෙන ඇති අතර ඔහු ලංකාවෙන් පිටතට පැනයන්නට උත්සාහයක් තිබුණ බවද පොලිසිය පවසනවා. අත්අඩංගුවට පත් අවස්ථාවේ පානය කළ විස වර්ගය අවසානයේ ඔහුගේ ජීවිතයද අවසන් කර තිබුණා.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment