අවුරුදු 16යේ දැරිය කෙලසූ මාළු ගාමිණී රිමාන්ඩ්


වයස අවුරුදු 16ක දැරියකට ලිංගික අපයෝජනයක් කළ බවට චෝදනා ලබා සිටි දොඩම්ගස්ලන්ද මීපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන ගාමිණි ජයසූරිය හෙවත් මාළු ගාමිණී යන පුත්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්
රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය. මෙම පුද්ගලයාගේ බිරිය විදේශගත වී සිටින අතර දරු දෙදෙනා සමග වාසය කරන සැකකරුගේ නිවෙසේ සේවය කිරීම සදහා අතවරයට පත් දැරියගේ මව කලෙක සිට එම නිවෙසට එන යන බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත, සැකකරු දැරියගේ පවුලට විවිධ ආධාර උපකාර කරමින් දැරියගේ මවුපියන්ගේ සිත් දිනාගෙන ඇති අතර, තම දරුවන්ගේ තනි නොතනියට බව පවසමින් අතවරයට පත් දැරිය සිය නිවෙසට කැදවාගෙන යෑම සදහා ඒක් රාත්‍රියක සැකකරු දැරියගේ නිවෙසට පැමින ඇතත්, දැරියගේ මව සහ දැරිය එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ, පසුව සැකකරු මේ පිළිබද දැරියගේ පියාට දැනුම් දී ඇති අතර ඔහුගේ තරවටු කිරීම හේතුවෙන් දැරිය එම රාත්‍රිය ගත කිරීම සදහා සැකකරු සමග ඔහුගේ නිවෙසට ගොස් ඇත.
තම දරුවන් දෙදෙනා සහ මෙම දැරියද සමග එකම ඇදක නිදාගෙන ඇති සැකකරු තම දරු දෙදෙනා නින්ද වැටුණු පසු එම ඇද මතදීම දැරියට ලිංගික අපයෝජනය කර ඇත, මෙම සිදුවීම පිළිබද ඊට පසුදිනක දැරිය ඇගේ මවට හෙළි කර ඇතත් සැකකරුගෙන් ලැබෙන උදව් උපකාර හේතුවෙන් මව ඒ පිළිබද කිසිදු තැකීමක් කර නැත, ඉන් පසුව තවත් දිනකදී සැකකරු දැරිය තම නිවෙසට කැදවා ගෙන ගොස් ඇති අතර, ඒ යන අතරමගදී දැනට අත්හැර දමා ඇති සැකකරුගේ මහගෙදර කාමරයකට දැරිය ගෙනගොස් එහිදීද දැරිය ලිංගික අපයෝජනයකට ලක්කර තිබේ.
සැකකරුගේ හැසිරීම පිළිබද සැක සිතූ ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුවේ ලේකම්වරයා ඒ පිළිබද ගොකරැල්ල පොලීසියට ලිඛිතව දැනුම් දී ඇති අතර එම දැනුම්දීමට අනුව දැරියගෙන් සහ ඇගේ මවගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව පොලීසිය ගාමිණී ජයසූරිය හෙවත් මාළු ගාමිණී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරුගේ දරුවෝ දෙදෙනා ඔහු අපයෝජනයට ලක්කළ දැරිය හා සම වයස්වල පසුවෙති, මෙම දැරිය ලිංගික අතවරයක් වී ඇතැයි සොයා බැලීම සදහා දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඒ පිළිබද වාර්තාවක් සහ පරිවාස වාර්තාවක්ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ගොකරැල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment