දුවට නිල් චිත්‍රපටි පෙන්වා ඇයව දූෂණය කල පියෙක්


හක්මණ, රදාවෙල ප්‍රදේශයේ අවුරුදු 8ක් වයසැති දැරියක් සිය පියා විසින් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කරනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හක්මණ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත හක්මණ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකාර පියා අත්අඩංගුවට
ගෙන තිබේ.

දීර්ඝ කාලයක පටන් සැකකාර පියා මෙම දැරිය සමඟ නිල් චිත්‍රපට නරඹා ඇති බවටත්, ඉන් අනතුරුව දැරිය මෙලෙස ලිංගික අපයෝජනයට යොදා ගෙන ඇති බවත්, අනතුරුව දැරිය මේ සම්බන්ධයෙන් තම මවට තොරතුරු හෙළි කිරීමෙන් පසු මව විසින් දැරිය සමඟ පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිලි කරනු ලැබ ඇති බවත් පොලිසිය පවසයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර පියා දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. දැරිය‍ගේ මව නිව‍සේ ‍නොසිටන සෑම අවස්ථාවකම ‍දැරියව නිව‍සේ රූපවාහිනිය ‍වෙත රැ‍ගෙන ‍ගොස්  පියා විසින් ‍මෙම අවුරුදු 8 දැරියට නිල් චිත්‍රපටි පෙන්වා දැරියට ආසාව ඇති කර ‍මෙ‍සේ දූෂණය කළ බව පියා විසින් ‍පොලීසියට ප්‍රකාශ කර ඇත.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment