අායෙත් රියදුරාට නින්ද යන එකක් නෑ.මෙන්න නියම විසදුමක්


අපරට තුළ මේවන විට සිදුවන බොහෝ අනතුරු වලට හේතු වී ඇත්තේ වාහන ධාවනය කිරීමේදී රියදුරාට නින්දයාම බව අප හොදාකාරව දනිමු.

ඒ අයුරින් අවාසනාවන්ත ලෙස තම ජීවිතය නැතිවීම වලක්වන අපූරු නිර්මාණයක් නිපදවීමට මොරටුව සරසවියේ පරිගණක හා ඉංජිනේරු අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙන බව අංශ ප‍්‍රධානී ආචාර්ය චතුර ද සිල්වා මහතා අප හමුවේ ප‍්‍රකාශකර සිටියේය. රියදිසි පද්ධතිය නමින් මෙම නව නිර්මාණය හදුන්වාදී තිබේ.


මෙහි විශේෂත්වය වන්නේ නිදිමත ගතිය ඇතිවීමේදී සිදුවන ඇසි පියගසන වාර ගණන, ඈනුම්යාම, නිදිකිරා වැටීම යන අවස්ථා තුන පදනම් කරගනිමින් ඒ පිළිබඳව සංඥාවකින් දැනුම්දීමක් සිදුකිරීමයි.


 එලෙසම රියදුරාගේ ඇස් රිය ධාවනය අතරතුර වෙනතකට යොමු වන්නේ නම් ඒ පිළිබඳවද සංඥාවකින් දැනුවත් කිරීම සිදුකරනු ලබයි.

රියදිසි පද්ධතියට අධෝ රක්ත කිරණ යොදා ඇති බැවින් රාත‍්‍රීයේදීත් සංඥා නිකුත් කිරීමේ හැකියාව පවතින අතර වාහනයේ ඉදිරිපස පුවරුව (ඩෑෂ් බෝර්ඞ්* මත මෙය සවි කිරීමද හැකියාව පවතී. මෙහි යොදා ඇත්තේ සාමාන්‍ය වෙබ් කැමරාවකි.

කාර්යක්ෂමතාවයෙන් සහ නිරවද්‍යතාවයෙන් ඉහළ අගයක් ගන්නා මෙය සංවේද පහකින් සමන්විත වන බවත් වාර්තා වේ. එසේම මෙහිදී රියදුරාට කිසිදු සම්බන්ධයක් නොදක්වා මෙය ක‍්‍රියාත්මක වන අතර, ලොව මේ සඳහා නිපදවා ඇති අනෙක් නිර්මාණයන් රියදුරාට පැළදීම සිදුකල යුතු ඒවා වේ. නමුත් රියදිසි පද්ධතියේදී එවැනි යමක් සිදුනොවේ. ඒ නිසාවෙන් රියදුරාට ඔහුට රිසිසේ රිය ධාවනය කල හැකිවේ.

වසරකට ලෝකයේ මිලියන එකයි දශම තුනක් රිය අනතුරු හේතුවෙන් මියයන අතර මිලියන පහළොවක් විස්සක් අතර ප‍්‍රමාණයක් ආබාධිත තත්වයට පත්වෙයි. එම වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම නිර්මාණය බිහිකළ බව සිසුහු පවසති.

ආචාර්ය චතුර ද සිල්වාගේ අධීක්ෂණය යටතේ දිලීප ප‍්‍රනාන්දු, සඳරේඛා වික‍්‍රමනායක, සාදරී ජයවර්ධන, සංඛ දර්ශන යන අවසන් වසරේ ශිෂ්‍ය කණ්ඩායම මෙම නිර්මාණය බිහි කළෝය..
එහි වීඩියෝව බලන්න


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment